"තොල් පෙති විතරක්, පළමු හාදුවෙන් තෙමන්න....." - Kathura

Friday, February 23, 2018

"තොල් පෙති විතරක්, පළමු හාදුවෙන් තෙමන්න....."

ආදරයෙන් පිරුණු සිප ගැනීමක් විස්තර කිරීමට, ප්‍රමාණවත් වචන මේ ලොව නැති බවයි බොහෝ දෙනා පවසන්නේ. මන්ද හැඟීම්බර එවැනි සිප ගැනීමක් දෙදෙනාටම ගෙන එන්නේ, වචනයෙන් කිව නොහැකි හැඟීම් රාශියක් නිසයි. සිපගැනීම, චුම්බනය, හාදුව නැතහොත් බොහෝ දෙනා දන්නා kiss යන පදයෙන් විස්තර කෙරෙන මෙම ක්‍රියාවලිය, බොහෝ ඈත ඉතිහාසයකට උරුමකම් කියන්නක්. කෙසේ වුවද, මෙම හාදුව යන්න විවිධාකාර විය හැකි බවට මතයක් පවතී. සමහර විට එය ඉතා ආදරණිය එකක් විය හැකියි. නැතහොත් කම්මැලි හෝ සිත් කලකිරවන්නක්ද විය හැකියි. තවත් විටෙක එය බැඳීම් වැඩි කරන, මිහිරි, දැඩි හෝ ප්‍රබල එකක් විය හැකියි. සමහරවිටෙක ඔබ නොසිතූ ලෙස එය ජීවිතය වෙනස් කරන හෝ අවුල්කරන්නක්ද විය හැකියි. මේ කවර අයුරින් වුවත්, ඔබගේ ජිවිත කාලය තුල කිසිවෙකුගෙන් හෝ ඔබට හාදුවක් නොලැබී ඇතැයි පැවසුවහොත්, එය කිසිවෙකුත් විශ්වාස නොකරනු ඇත. හාදුවක් තුලින් ලැබෙන ප්‍රයෝජන ගැන ඔබ මෙතෙක් දැන සිටියාද....?






මෙහි විස්තර කරන්නට යන්නේ, ආදරයෙන් වෙලී සිටින දෙදෙනෙකු අතර ඇතිවන ආදරබර හාදුව ගැනයි. තොලට තොල තබා සිදුවන මෙම ආදරබර හාදුව තුලින් දෙදෙනෙකු අතර ඇති සම්බන්ධතාවය හා බැඳීම ඉහල යන බව සොයාගෙන ඇත. විශේෂයෙන් සරාගී සිප වැළඳ ගැනීමකදී (smooch) ඔබගේ ශරීරයේ සිදුවන හෝර්මෝන නිකුත්වීම ඉහල යන අතර, ඔබගේ මනෝභාවය (mood) හොඳින් වැඩවා ගැනීමටත්, නිරෝගී හදවතක් හිමිකර ගැනීමටත් එය ඉවහල් වන බව පර්යේෂණ මගින් හෙළිවී ඇත. ඔබගේ බැඳීම හා ආදරය ප්‍රකාශ කිරීමේ හොඳම ක්‍රමයක් ලෙසද මෙය හඳුන්වා දී ඇත. ඒ අනුව සරාගී සිප වැළඳ ගැනීම මගින් ඔබව නිරෝගී කර, වෛද්‍යවරයාගෙන් ඈත් කර තැබිය හැකි බවටද ප්‍රකාශ වේ. ඊට අමතරව පහත සඳහන් කරුණු ඔස්සේද එය විග්‍රහ කල හැක.

1) ආදරයෙන් වෙලුනු සරාගී චුම්බනය ඔබගේ ශරීරයේ කැලරි දහනය කරයි.

ඔබ මේ කටයුත්තේ නිරත වන විට, ඔබ නොදැනුවත්වම ශරීරයේ කැලරි දහනය වේ. ආදරබර සරාගී සිප ගැනීමකදී කැලරි 8-16 අතර ප්‍රමාණයක් විනාශ වන අතර, එය පැය කිහිපයක් ව්‍යායාම කිරීමට සමානය. ඒ අනුව ඔබගේ නිරෝගිකම ඉහළයාම නිතැතින්ම සිදුවේ.

2) සරාගී හාදුව ඔබගේ මුහුණට උත්තේජනයක් ලබා දේ 

බොහෝ දෙනෙකුගේ මුහුණට වයස්ගත පෙනුමක් හිමිවන්නේ, ඔවුනගේ බෙල්ලේ සහ හකු වල පෙනුම අනුවය. ගැඹුරු හාදුවක් තුලින් එම ස්ථාන ක්‍රමානුකුල හැඩ ගැසීමකට ලක්වන අතර, එමගින් ඔබගේ වයස්ගත පෙනුම අඩු වනු ඇත.

3) හාදුව ඔබගේ සතුදායක හෝමෝන ඉහල නංවනු ඇත.

ප්‍රේමනීය හාදුව ඔබගේ සුවය වැඩීමටත්, නව ජීවයක් ගෙන දීමටත්, සැහැල්ලු බවටත් උපකාරී වේ. ඒ අනුව තෙහෙට්ටුවට පත්ව සිටින මොහොතක සිදු කරන සිප ගැනීම මගින් ඔබට නව ජීවයකින් කටයුතු කිරීමට මග සැලසේ.

4) ගැඹුරු සිප ගැනීම ඔබගේ දත් රෝග නිවාරණය කරයි. 

ගැඹුරු සිපගැනිමකදී ඔබගේ මුවයෙන් මතුවන කෙල ප්‍රමාණය ඉහල යන අතර, එහි ප්‍රතිපලයක් ලෙස ඔබගේ දත්වල බැඳෙන මැලියම් සෝදා හැරීමක් එතුලින් සිදුවේ. එහි ප්‍රතිපලයක් ලෙස දත් වල ඇතිවන කුහර අඩු වීමක් නිතැතින්ම සිදුවනු ඇත.

5) හාදුව පුද්ගලයෙකුගේ ආත්ම විශ්වාසය නැතහොත් ආත්මාභිමානය ඉහල නංවයි.

ජර්මනියේ සිදු කල අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ, උදෑසන රැකියාවට සඳහා පිටත්වී යාමට ප්‍රථම, සිය බිරිඳගෙන් ආදරබර හාදුවක් ලබන පිරිමින්, අනෙක් අයට වඩා හොඳින් මුදල් උපයන බවයි.  නැතහොත් ඔවුන් ඉතා උද්යෝගයෙන් සිය රාජකාරියේ නිරත වන බවයි.

6) හිසරදය හා මාසික ඔසප් වේදනාවන් පිටුදැකීමට හාදුව ඉවහල් වේ.

හිසරදය හෝ මාසික වේදනාවලින් පෙලෙන විට සිදුකරන ගැඹුරු සිපගැනීම්, ඒ වේදනාවන් සමනය කිරීමට ඉවහල් වන බව සොයාගෙන ඇත. ඒ අනුව එවැනි වේදනාවලින් පෙලෙන විට, කල් නොදමා ඔබගේ සහකරු හෝ සහකාරිය සමග ගැඹුරු සිපගැනිමක නිරත වීම තුලින් එය මග හරවා ගැනීමට ඔබට හැකිවේ.

7) සිපගැනීම රුධිර පීඩනය අඩු කර ගැනීමට ඉවහල්වේ.

ඔබ ඔබගේ සහකරු හෝ සහකාරිය සමග ප්‍රේමාන්විත සිප ගැනිමක නිරතවනවිට, ඔබට නොදනිම ඔබගේ රුධිර පීඩනය යථා තත්වයට පත්වේ. ඒ තුලින් ඔබගේ ශරීරයේ සියලු වැදගත් අවයව වලට හොඳ රුධිර සැපයුමක් හිමිවේ.

8) හාදුව, ඔබගේ සහකරු හෝ සහකාරියගේ මානසිකත්වය පෙන්නුම් කරයි.

ඔබ ප්‍රථම හාදුව පිරිනමන විට, ඔබ හා සහකරු තුල කිසියම් කැළඹීමක් හෝ ලජ්ජාශීලි බවක් ඇතිවීම ස්වභාවිකය. එහෙත් එය ගණන් ගත යුත්තක් නොවේ. කෙසේ වුවද ඔබ මදක් එහි නිරතව සිටින විට ඔබගේ සහකරු හෝ සහකාරියගේ හැඟීම් හා අවශ්‍යතා වටහා ගැනීම සඳහා එය මහෝපකාරී වේ. ඒ තුලින් ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය කරන පසුබිම සැකසීමට, ඔවුනගේ මානසිකත්වය වටහා ගැනීමට හාදුව ඉවහල් වේ. 

No comments:

Post a Comment