දුම්පානය අතහැර දමන්නට උත්සහා කරන්නෙකුට ඇතිවන නිකොටින් ඇල්ම නැති කර දමන ස්වභාවික ක්‍රම අටක් - Kathura

Tuesday, January 30, 2018

දුම්පානය අතහැර දමන්නට උත්සහා කරන්නෙකුට ඇතිවන නිකොටින් ඇල්ම නැති කර දමන ස්වභාවික ක්‍රම අටක්


දුම්පානය කිරීම යනු 99% ප්‍රතිශතයක් පෙනහළු පිළිකා ඇතිවන ඉතා හානිදායක පුරුද්දක්. ලොව පුරා සිටින මිනිසුන් බිලියන 1.1 කට අධික ප්‍රමාණයක් දුම්පානය සිදු කරන අතර මේ ක්‍රියාව නිසා ඔවුන්ගෙන් 50% පමණ මරණයට පත් වනවා.



දුම්පානයට හුරු වූ අයෙකුට ඇතිවන සුලබ රෝග:

·         රාත්‍රී නින්ද නොයෑම
·         අසාරතාවය
·         හෝමෝන අසමතුලිතතාවය
·         Gastrointestinal ගැටළු
·         ඔස්ටියෝපොරෝසීස්
දුම්පානය කරන ඕනෑම අයෙක් නිකොටින් සඳහා ඉක්මණින්ම ඇබ්බැහි වනවා. මේ ආකාරයට ඇබ්බැහි වූ අයෙක් නැවත නැවතත් නිකොටින් ශරීරයට ලබා ගැනීම සඳහා පෙළඹීම සාමාන්‍ය කරුණක්.
ඇත්ත වශයෙන්ම නිකොටින් සඳහා ඇබ්බැහි වූ අයෙක් එය අතහැර දැමීම කොකේන් හෝ හෙරෝයින් ඇබ්බැහි වීමකින් ගැලවෙනවාට වඩා අපහසු කරුණක්.  
දුම්පානය කරන පුද්ගලයෙකුට වැඩි වශයෙන් විවිධ අතුරු ආභාද ඇති වන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය වන ප්‍රතිඔක්සිකාරකයන් වන විටමින් C සහ E, බීටා කැරොටීන්,  glutathione”, ubiquinol සහ alpha-lipoic අම්ල යන දෑ ශරීරය තුල හිග වීම නිසයි.
මේ ආකාරයේ පෝෂණයන් ශරීරයට ලබා ගැනීම සඳහා විවිධ ඖෂධ වර්ග තිබුනත් මෙවන් දෑ ශරීරයට ලබා ගැනීමට ඇති හොඳම ක්‍රමවේදය වන්නේ සෞඛ්‍යය සම්පන්න ආහාර පරිභෝජනය කිරීමයි.
දුම්පානය අතහැර දැමීමට වෙර දරන අයෙක් සඳහා ඇතිවන නිකොටින් ඇල්ම නැති කර දමන පහසු ක්‍රමවේද කිහිපයක් පහත සඳහන් වනවා.
1.       මැග්නීසියම්
මැග්නීසියම් මගින් ශරීරය තුල dopamine නිකුත් කිරීම වේගවත් කරන නිසා මැග්නීසියම් මගින් නිකොටින් ඇල්ම නැති කර ගන්නට පුළුවන්.
මෙම ඛනිජ වර්ගය මගින් මොළයේ neurotransmitter ලිහිල් කර නිකොටින් සඳහා NMDA ප්‍රතිග්‍රාහක වලට සිදු කරන බලපෑම අඩු කරනු ලබනවා.
මේ නිසා දුම්පානයෙන් ඉවත් වන්නට උත්සහා කරන අයෙක් මැග්නීසියම් බහුල ආහාර ලබා ගැනීම වඩාත් ඵලදායී වනවා.
2.       මෝහන චිකිත්සාවන්
දුම්පානය සඳහා ඇබ්බැහි වූ අයෙකු මෝහනය කිරීම මගින් ඔහුගේ ඇල්ම යම්තාක් දුරට අඩු කරන්නට පුළුවන්.
මේ සඳහා මෝහන වෛද්‍යවරයෙකුගේ සහාය පතන්න.
3.       කටුචිකිත්සාව
දුම්පානයට ඇති ඇල්ම වළක්වා ගන්නට භාවිතා කල හැකි තවත් එක සාර්ථක ක්‍රමවේදයක් තමයි කටුචිකිත්සාව. කටුචිකිත්සාවට අනුව ශරීරයේ විවිධ ස්ථාන මුඛය, දිව සහ ශ්වසන මාර්ගය වැනි ස්ථාන වලට සම්බන්ධ වනවා. පළපුරුදු චිකිත්සකවරයෙක් මුණගැසී මෙවන් ස්ථාන චිකිත්සාවට ලක්කිරීමෙන් නිකොටින් සඳහා ඇති වන ඇල්ම අඩු කර ගන්නට පුළුවන්.
4.       ව්‍යායාම
දුම්පානය කිරීමට සිතුනු අවස්ථාවක විනාඩි පහක පමණ කාලයක් ව්‍යායාම වල යෙදීම මගින් දුම්පානය සඳහා ඇති වන ඇල්ම තාවකාලිකව අඩු කර ගන්නට පුළුවන්.  
5.       නිකොටින් ප්ලාස්ටර් “Nicotine patch
මෙය නිකොටින් ප්‍රතිස්ථාපන චිකිත්සාව nicotine replacement therapy (NRT) ලෙස හඳුන්වනු ලබනවා. varenicline සහ bupropion යන ඖෂධ වර්ග දෙක එක්ව සැදුම්ලත් ප්ලාස්ටර් වඩාත් ඵලදායී වනවා. සම හරහා ශරීරයට නිකොටින් නිකුත් කරන මෙම ප්ලාස්ටරය සම මත අලවා ගැනීමේ වාර ගණන යම් අයෙක් දිනකට පානය කරනු ලබන දුම්වැටි ප්‍රමාණය අනුව වෙනස් වනවා.
6.       දෙහි
ලෙල්ල සහිත දෙහි කැබැල්ලක් ගෙන හපන්න. දෙහි සතු විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක නිසා ඔබට ඇතිවන නොකොටින් ඇල්ම අඩු කර ගන්නට පුළුවන්.
7.       ගන්ධය ආග්‍රහණය කිරීම
එක්තරා අධ්‍යයනයක් මගින් දුම්පානය කරන නිකොටින් ඇබ්බැහිවීම අදියර දෙකෙහි පසුවන පුද්ගලයින් පිරිසකට දුම්වැටිවල ගන්ධය සහ කුණු වූ බිත්තර හෝ කුණු වූ මාළු වල ගන්ධය ආග්‍රහණය කිරීමට ඉඩදී තිබෙනවා. මෙම අධ්‍යයනයට අනුව මෙම කාලය තුල ඔවුන් අඩුවෙන් දුම්පානය සිදු කල බවත් වාර්තා වනවා.
8.       භාවනාව
දුම්පානය අතහැර දැමීමට උත්සහා කරන අයෙක් භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම ඒ සඳහා උපකාරයක් වන බවත් විවිධ අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.

No comments:

Post a Comment