වැදගත් කාන්තාවක් මුහුණු පොතේ හැසිරෙන පිළිවෙල - Kathura

Saturday, August 26, 2017

වැදගත් කාන්තාවක් මුහුණු පොතේ හැසිරෙන පිළිවෙල

සමාජ ජාල කියන්නේ මෑතකදී ඇති වුන දෙයක්ග ලෝකයට අලුත්
එම නිසා එහි තිබෙන ගොඩක් දේවල් අපි හරියටම දන්නේ නැහැග සමාජ ජාල වල හැසිරෙන නියම පිළිවෙල ඔබට කියා දීම අපේ යුතුකම කියල  මොකද නැත්නම් ඔබ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්ග කාන්තාවෝ මෙම ෆේස් බුක් එක නිසා මුහුණ දෙන ප්‍රශ්න අපේ කනට නිරන්තරවම වැටෙනවාග මෙහි ඇති ලොකුම ප්‍රශ්නය කිසිවෙක්ට අනික් කෙනාගේ මුහුණ නොදක ඒ කියන්නේ පුද්ගලික වගකීමක් නැතිව ල හිතවත් කමක් නැතිව එකිනෙකා සමග ගනුදෙනු කරන්න සිදු වීමයිග මෙවැනි ජාලයක හැසිරෙමින් එහි ඇති හොඳ ප්‍රතිපල ලාබාගෙන ගැහැනියක් ලෙස තමන්ගේ තත්වය ආරක්ෂා කර ගත යුතු විදිහට හැසිරෙන්නේ මෙහෙමයි



 

01- පුද්ගලික දේවල් දැමීමට පෙර හිතන්න ඔබේ ගෙදර ප්‍රශ්නල පුද්ගලික චායා රූපල ඔබ යන ගමන් බිමන්ල ඔබේ පවුල් පසුබිම මේ වගේ දේවල් සමාජ මාධ්‍ය වල පල කරද්දී කිහිප විටක් සිතන්නග යමෙක් මේවා දැකිය යුතු නැත්නම් කවදාවත් මේ දේවල් දමන්න එපාග ඔබ අන්තර් ජාලයට යමක් මුදා හැරිය පසු එයට එක්වීමට ඕනෙම කෙනෙක්ට පුළුවන්ග ඔබ කියාවි මගේ යහළුවන්ට පමණයි පෙනෙන්නේ කියලග හැමවිටම සෙටින්ග්ස් බලල නිසි ලෙස ඔබේ දේවල් දැකිය හැකි අය පාලනය කරන්නග නමුත් ඇතැම් අවස්ථා වල ඔබේ ගිණුම් හැක් වෙන්න ඉඩක් තිබෙනවාග මේ ගිණුම් හැක් වීම නිසා ඇතැම් තරුනියෝ සියදිවි නසා ගැනීම පවා කළාග එම නිසා පොදුවේ පෙන්වන්න බැරි කිසිම දෙයක් සමාජ මාධ්‍යවල බෙදා හරින්න එපාග



02- තව කෙනෙක් පහත් කරන්නල නින්දා කරන්න කිසිවක් පල කරන්න එපා ඔබට අනික් අය සමග එදිරිවාදිකම් ඇතිග නමුත් ඒ දේවල් ලෝකේ හැමෝටම පේන්න ත‍ඊ එකේ දමන්න නම් හිතන්නවත් එපාග ඒ පුද්ගලයට වඩා ඔබට වෙන හානිය වැඩියිග එවිට ඔබේ මිතුරන් ඔබ ගැන වැරදි අදහස් ඇති කර ගන්නවාග ඒ වගේම ඔබේ ආරවුල් ආදිය ඔබේ සතුරෝ දෑන ගන්නවා කියන්නේ ඔවුන්ට ලැබෙන ලොකු අවස්තාවක් බව නම් අමතක කරන්න එපා




03- පවුලේ සාමාජිකයන් ගැන විස්තර පළකරද්දී ඔබ හා පවුල ගැන අධි සංවේධී විස්තරත් පළකරන්න එපාග ඔබ දන්නේ නෑනේ කවුරු ඒ විස්තර දකියිද කියලාග ඔබ කවදද නිවසින් බැහැරව සිටින්නේල නිවසේ වැඩට ලාබාල මෙහෙකාරියක් ගන්නවාද වැනි දේවල් සමාජජාලා වල පළකරන්නම එපාග ඇතැම් විකුර්ති කාම ආශා වලින් යුතු දුෂ්ටයෝ මේ සමාජ ජාල වල සැරිසරනවාග දරුවන්ගේ ෆොටෝ අරගෙන ඔවුන් අසභ්‍ය පිටු ආදිය කරනවාග එවැනි තත්වයට ඔබේ හය හතර නොතේරෙන දරුවා පත් කරන්න එපාග ඔවුන්ගේ සේයා රූ නොදාන තරමට හොඳයිග ළමා අපචාර වැලැක්වීම සදහා ඇතැම් රටවල් මගින් දරුවන්ගේ ෆොටෝ දැමීම තහනම් කර තිබෙනවාග එම නිසා අපි නීතියක් නැති රටක ජීවත්ව ඉන්න මිනිස්සු හැටියට පවුලේ විස්තර ත‍ඊ දාද්දි එයින් වෙන හානි ගැන ගොඩක් සිතිය යුතුයි



04- ඔබේ මිතුරන්ගේ ජයග්‍රහණ ගැන සුභ පතන්න ඔබ ගැන යම් දුරකට ප්‍රවර්ධණයක් කිරීම කමක් නෑග ඔබගේ අවධානය ගැනීමට කැමැති අයත් ඉන්නවානේග ඔබේ මිත්‍රයන්ගේ ජයග්‍රහණල විවාහ ල උපන්දින වැනි දේවල් වලදී සුභ පතන්නග ලයික් එකක් දාන්නග හොඳ දේ අගය කරන්නග දැකල නිකන් බුම්මගෙන ගියොත් ඔබ ඉරිසියා කාරයෙක් කියල පිළිගැනීමක් යහළුවෝ අතරේ ඇති වේවි



05- ඔබ අතින් වරදක් සිදු වුනොත් සමාව ඉල්ලන්න ජීවිතයේදී වගේම මෙතනත් වැරදි සිදු වෙනවාග සමාජ ජාලයක ඔබ අතින් යම් වරදක් සිදුවුණොත්ල ඒ ගැන සමාව ඇයද සිටින්නග නැවත එම වැරැද්ද නොවීමටත් වගබලා ගන්නග මෙහි අදහස් දක්වන්නේ හැමෝටම පේන්න නිසා හැම විටම ඔබ කරන ක්‍රියා වලට වගකීම ගන්නග නිකන් හිතට එන විදිහට ප්‍රතිචාර දක්වන්න එපා



06- නීති වලට අනුගත වීම ඒ ඒ සමාජජාලා වල පනවා ඇති නීති-රීති වලට අනුකූලවම කටයුතු කරන්නග නැත්නම් ඔබ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමටත් ල සමාජ ජාලයෙන් ඉවත් වීමටත් සිදු වේවි

No comments:

Post a Comment