රාවණා රජුගේ දඬුමොණර යන්ත‍්‍රය සම්බන්ද සියලූම රහස් සහ අබිරහස - Kathura

Saturday, August 26, 2017

රාවණා රජුගේ දඬුමොණර යන්ත‍්‍රය සම්බන්ද සියලූම රහස් සහ අබිරහස

දඬුමොණරය කිව්වහම අපි හුගදෙනෙකුට මතක් වෙන්නෙ රාවණ රජ්ජුරුවන්ගේ වාහනේ. ඒත් මේ වාහනය හදන්න බොහොම ලොකු තාක්ෂණයක් භාවිතා කරල තියෙනවා.

අද වෙනකොට මේ තාක්ෂණය අපි කවුරුවත් දන්නේ නැති වුනාට ඒ ගැන ලියවුණු පොත් කීපයක් නම් තාමත් පරෙස්සම් වෙලා තියෙනවා කියල මට දැනගන්න ලැබුණා. වෛමානික ශාස්ත‍්‍ර කියල කියන්නේ ඒ වගේ එක පොතක්. ඒක ලියලා තියෙන්නේ භාරද්වාජ කියන ඉන්දියානු සෘෂිවරයා. ඒ පොත ඇත්තටම අතීතයේ තිබුණු පෙරදිග යාන්ත‍්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ලියවුණු එකක්.


දඬුමොණරයට විමානය කියලත් කියනවා. පරණ පොත්පත් වල සඳහන් වෙන්නෙත් එහෙමයි. ඒක නිසා මමත් මීට පස්සෙ දඬුමොණරය කියන වචනය වෙනුවට විමානය කියල කියන්නම්, මොකද ඒක ලියන්න ලේසි නිසා.
අතීතයේ විමාන වර්ග කීපයක්ම නිර්මාණය කරලා තියෙනවා. පුෂ්පික විමාන, සුන්දර විමාන, රුක්ම විමාන, ත‍්‍රිපුර විමාන ආදී වශයෙන් ඒවා නම් කරලා තියෙනවා. භාරද්වාජ සෘෂිවරයා කියන විදිහට විමානයකට ගුවනින් මෙන්ම ගොඩබිමෙන් හා ජලයෙන් ද ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. පහලින් තියෙන්නේ රුක්ම විමානයේ හැඩයට නිර්මාණය කරපු Computer Graphic එකක්.

අපේ හිත් වල ඇඳිලා තිබුණු විමානයේ ස්වරූපයට වඩා වෙනස් රූපයක් නේද මේක හුගක් ඉස්සර මේ වගේ වාහන අහසින් ගමන් කරලා තියෙනවා. අපි බලමු මේ විමාන කියන වචනය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. සංස්කෘත වලින් වි කියලා කියන්නේ පක්ෂියාට. මාන කියලා කියන්නේ අනුකරණය කිරීමට. එතකොට විමාන කියල කියන්නේ පක්ෂියෙක්ව අනුකරණය කරමින් ගමන් කරන වාහනයකට. මේ අර්ථ දැක්වීම තියෙන්නෙත් වෛමානික ශාස්ත‍්‍ර කියන පොතේ. විමාන ගැන කතා කරනකොට ඒක පදවන රියදුරා ගැනත් කතා කරන්නම ඕනේ. මේ රියදුරා හඳුන්වන්නේ රථාචාර්ය නැත්නම් ආචාර්ය කියලා. ආචාර්යවරුන්ගේ රාජකාරි හා හැකියා මට්ටම අනුව තනතුරු හතක් තිබිලා තියෙනවා. ඒ තනතුරු හත තමයි මේ..



1. නාරායන 2. ෂෞනක 3. විශ්වාම්බර 4. ගර්ඝ 5. වාශස්පති 6. චක‍්‍රයානි 7. ධුන්දිනාථ



මේ තනතුරු අතරින් විශ්වාම්බර කියන තනතුරට පත් වූ ආචාර්යවරයෙකුට පමණයි විමානයක් රටකින් රටකට පදවන්න හැකියාව තිබිලා තියෙන්නේ. දක්ෂ විශ්වාම්බර යකුට එක ලෝකයකින් තවත් ලෝකයකටත් විමානය පදවන්න පුළුවන්කම තිබිලා තියෙනවලූ.



කොහොමවුණත් කිසියම් පුද්ගලයෙකුට විමානාචාර්යවරයෙකු වෙන්න අවශ්‍යනම් ඒ පුද්ගලයාට සිද්ධ වෙලා තියෙනවා පුරාණ ගුවන් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මූලික කරුණු 32 ක් ඉගෙන ගන්න. මේ කරුණු 32 හොඳින්ම ඉගෙන ගත්තු අයට විතරලූ විමානයක් පදවන්න අවසර තිබිලා තියෙන්නේ. හැබැයි මේ පුරාණ ගුවන් තාක්ෂණය අද කාලේ තියෙන තාක්ෂණයට වඩා ගොඩක් වෙනස් එකක්. පුරාණ ආචාර්යවරුන්ට විමානය පදවන්න කලින් මන්ත‍්‍ර ශාස්ත‍්‍රය පවා ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ක‍්‍රම අතරට විමානයක් නිර්මාණය කරන අයුරු, විමානයක් අදෘශ්‍යමාන කරන අයුරු, ප‍්‍රතිවාදි විමානයන් විනාශ කරන අයුරු ආදී වශයෙන් රහස්‍ය ක‍්‍රමවේද රැුසක් අඩංගු වෙනවා.


දැන් ඉතින් අපි මේ ක‍්‍රමවේද 32 එකින් එක අරගෙන බලමු.



1. මාන්ත‍්‍රික * මේ කියන්නේ මන්ත‍්‍ර ක‍්‍රම ගැනයි. මන්ත‍්‍ර බල යොදා ගනිමින් විමානය ආරක්ෂා කර ගැනීමේ ක‍්‍රමය මේ නමින් හැඳින්වෙනවා. මාන්ත‍්‍රික ක‍්‍රමය ප‍්‍රගුණ කරපු ආචාර්යවරයෙකුට තම විමානය ගින්නෙන් සහ අවි ආයුධ වලින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබිලා තියෙනවලූ.


2. තාන්ත‍්‍රික * මේකත් මාන්ත‍්‍රික ක‍්‍රමය වගේම ක‍්‍රමයක්. විමානය බල ගැන්වීම සඳහා අවශ්‍ය වන රහස්‍ය බලවේගයන් එකතුකරගැනීම මේ නමින් හඳින්වෙනවා. මහමායා, සම්භාර ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙවැනි බලවේගයන් තමයි. මේ බලවේග වලට කියන්නේ තාන්ත‍්‍රික බලවේග කියලා. ඒත් තාන්ත‍්‍රික බලවේග ගැන වැඩිදුර පැහැදිලි කරන්න නම් මම දන්නේ නැහැ.



3. ක‍්‍රිතක * විමානයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යාන්ත‍්‍රික ඉංජිනේරු දැනුම මේ නමින් හැඳින්වෙනවා. විවිධාකාරයේ හා විවිධ ප‍්‍රමාණයේ යානා සෑදීමේ ක‍්‍රමවේදය මීට ඇතුලත් වෙනවා. මේ නිර්මාණ ශිල්පය අතීතයේදී විශ්වකර්ම නමින් හැඳින්වෙලා තියෙනවා. මීට අමතරව ඡුායාපරුෂ, මාන්, මායා වැනි වෙනත් නිර්මාණ ශිල්පීය ක‍්‍රමත් භාවිතා වෙල තියෙනවලූ.



4. අන්තරාල * අධික සුළං, වායු අවපාත, දැඩි අකුණු සහිත ප‍්‍රදේශ ඉහල අහසේ පවතිනවා. විමානාචාර්යවරයෙකුට මෙවැනි තත්වයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. එවැනි අන්තරායකර ප‍්‍රදේශ කල්තියා දැනගෙන යානය ප‍්‍රවේශමෙන් එවැනි ප‍්‍රදේශ හරහා ගෙනයාමේ ක‍්‍රමවේදය මේ නමින් හැඳින්වෙනවා.



5. ගූඪ * පුරාණ ගුවන් තාක්ෂණයට අනුව වායුගෝලයේ පවතින වායු මට්ටම් අටක් ගැන සඳහන් වෙනවා. මෙයින් අට වෙනි වායු මට්ටමේදී සූර්යයාගේ කිරණ වල තියෙන අඳුරු පදාර්ථය යනුවෙන් හඳුන්වන දෙයක් ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්ලූ. මේ අඳුරු පදාර්ථය පාවිච්චි කරන්නේ තම විමානය සතුරු විමාන වලින් සÛවා තබන්නයි. මෙම අඳුරු පදාර්ථය ආකර්ශනය කරගැනීමේ විද්‍යාව ගූඪ නමින් හැඳින්වෙනවා. මේ සඳහා යාස, ව්‍යාස, ප‍්‍රයාස යන නම් වලින් හඳින්වෙන ක‍්‍රමවෙද භාවිතා කරලා තියෙනවා. ඬවෛමානික ශාස්ත‍්‍රඬ පොතේ මේ විද්‍යාව විස්තර කරලා තියෙන්නේ ඬවායුතත්ව ප‍්‍රකරණඬ යන නමින්.



6. දෘශ්‍ය * විමාන වල ඉදිරිපස විශ්ව ක‍්‍රියා දර්පන නමින් හඳුන්වන කන්ණාඩියක් තිබුණාලූ. විද්‍යුත් ශක්තිය සුළං ශක්තිය සමÛ මිශ‍්‍රකර ආලෝකයක් උත්පාදනය කර ඉහත කී දර්පනය හරහා පරාවර්තනය කිරීමෙන් තම විමානය හා සමාන වෙනත් ව්‍යාජ විමානයක් මවා පෑමේ තාක්ෂණය මේ නමින් හැඳින්වී තියෙනවා.



7. අදෘශ්‍ය * නම කියනකොටම තේරෙනවා ඇති මේ කියන්නේ යානය නොපෙනී යාමට සැලැස්වීමේ තාක්ෂණය ගැන බව. අපි බලමු කොහොමද මෙහෙම කරලා තියෙන්නේ කියලා. පැරණි පොත්පත් වල කියලා තියෙන විදිහට සූර්යයාගේ මධ්‍යයේ සිට පැමිණෙන ශක්ති විශේෂයක් තියෙනවා. මේ ශක්තිය වායුගෝලයේ තියෙන බලාහවිකරණ ශක්තිය නම් සූක්ෂ්ම ශක්තිය ස මිශ‍්‍ර කළ විට සුදු පැහැති ආලෝකමය ආවරණයක් නිර්මාණය වෙනවලූ. මේ ආවරණය පිටුපස තමයි යානය සවන්නේ.



8. පරෝක්ෂ * විමාන වල ශක්ති ආකර්ශන දර්පන නම් තවත් දර්පනයක් තියෙනවා. ඒකෙන් කරන්නේ විමානය අවට තිබෙන විවිධ ශක්තීන් ආකර්ශනය කර ගැනීමයි. වලාකුළු නිර්මාණය වීමේදී ඇතිවන ශක්තියත් මේ දර්පනය හරහා උරා ගන්න පුළුවන්. වලාකුළු බිහිවීමේ ක‍්‍රමය පැරණි පොත් වල හඳුන්වා තිබෙන්නේ මෙඝෝත්පත්ති ප‍්‍රකරණ නමින්. පැරණි ගුවන් තාක්ෂණයට අනුව වලාකුළු පවතින්නේ වායුගෝලයේ දෙවන මට්ටමේ ( මට්ටම් 8 ක් තියෙනවා කියලා මම කලින් කියලා තියෙනවා *. ඉතින් මේ උරා ගන්නා ශක්තිය භාවිතා කර ප‍්‍රතිවාදී විමාන වල පාලන පද්ධතිය අඩපණ කිරීමේ ක‍්‍රමය තමයි පරෝක්ෂ කියලා හඳුන්වන්නේ.


9. අපරෝක්ෂ * ශක්ති තන්ත‍්‍ර නම් පුරාණ විද්‍යාවට අනුව සූර්යයාලෝකය තුල රෝහි” නම් ආලෝක කදම්භයක් තියෙනවා. මේ ආලෝක කදම්භය ඉදිරියට ප‍්‍රක්ෂේපණය කර, විමානය ඉදිරියේ තිබෙන වස්තූන් දර්ශනය කරගැනීමේ තාක්ෂණය මේ නමින් හැඳින්වෙනවා. මම හිතන විදිහට අදෘශ්‍යමාන තත්වයේ තිබෙන විමාන පවා මේ ක‍්‍රමය හරහා දෘශ්‍යමාන බවට පත්කරගන්න පුළුවන්කම තියෙන්න ඇති.



10. සංකෝච * මේකත් ආරක්ෂිත උපක‍්‍රමයක්. මේ ක‍්‍රමය භාවිතා කරලා තියෙන්නේ යානයේ පියපත් ආරක්ෂා කරගැනීමටයි. යානය ඉතා වේගයෙන් ගමන් කරන විටදී ඉදිරියෙන් මොනවාහරි අනතුරුදායක දෙයක් තිබුණහොත් එක්වරම පියාපත් හකුළාගෙන අනතුර මගහැරීමේ ක‍්‍රමවේදය මෙයයි. භාරද්වාජ සෘෂිවරයා කියන අන්දමට විමානයේ තිබෙන 7 වන යතුර(ිඅසඑජය* ක‍්‍රියාත්මක කර මේ ආරක්ෂිත උපාය ක‍්‍රියාවට නගන්න පුළුවන්.



11. විස්තෘත * මේ කියන්නේ විමානයේ ප‍්‍රමාණය විශාල කිරීම ගැනයි. මෙය සිදුකිරීම සඳහා යානය, අහසේ පිහිටි පළමු සහ තෙවන වායු මට්ටම් අතර මධ්‍යයේ පිහිටි වාත ධාරාව තුලින් ගමන් කළ යුතුයි. මෙසේ ගමන් කිරීමේ විද්‍යාව ආකාශතන්ත‍්‍ර ලෙස හඳින්වෙනවා. කෙසේ හෝ මේ වාත ධාරාව තුලින් ගමන් කිරීමේදි විමානය තුල ඇති 11 වන යතුර ක‍්‍රියාත්මක කිරීමෙන් යානය ප‍්‍රමාණයෙන් විශාල කළහැකි බව පැවසෙනවා.



12. විරූප කරණ * ධූම ප‍්‍රකරණය නම් ක‍්‍රමයේ සඳහන් පරිදි, විශේෂ දුමක් නිපදවීමේ යාන්ත‍්‍රනයක් විමානය තුල තිබිලා තියෙනවා. එහිදී නිපදවන ලද දුම වායුගෝලීය තාප තරංග වල ඇති ආලෝකයෙන් ආරෝපණය කර පද්මක චක‍්‍ර නම් බටයක් තුලින් විශේෂිත දර්පනයක් වෙත යවා තිබෙනවා. මේ දර්පනය හඳුන්වලා තියෙන්නේ විරූප්‍ය දර්පන යන නමින්. දර්පනය සවිකර තිබිලා තියෙන්නේ විමානය මුදුනේ. මේ දර්පනයේ බහිරවී තෛලය නම් තෙලක් ආලේප කර තිබිලා තියෙනවා. ඉතින් අර දුම මේ දර්පනය වෙත යොමු කරමින් දර්පනය වේගයෙන් භ‍්‍රමණය කළ විට ඉතා බියකරු රූපයක් මැවීමට හකියාව තිබිලා තියෙනවා. මෙසේ බියකරු රූපයක් මැවීමේ ක‍්‍රමය තමයි විරූප කරණ කියලා හඳුන්වන්නේ. පැරණි පොත් වල මේ දුම හඳුන්වලා තියෙන්නේ 32 වන වර්ගයේ දුම කියලා. දර්පනය භ‍්‍රමණය කරන වේගය හඳුන්වලා තියෙන්නේ 132 වන වර්ගයේ වේගය කියලා. හැබැයි මේ දුම සහ වේගය මනින හෝ වර්ග කරන ක‍්‍රමය නම් මට හොයාගන්න බැරි වුනා.



13. රූපාන්තර * මේකත් විරූප කරණ වගේම ක‍්‍රමයක්. මේකෙනුත් කරන්නේ විමානයේ වෙස් මාරු කිරීමයි. මෙහිදීත් 19 වන වර්ගයේ ධූමය ලෙස හඳුන්වන දුමක් විශේෂිත තෙල් මිශ‍්‍රණයක් ආලේපිත දර්පනයකට යොමු කරනු ලබනවා. එවිට විමානයට සිංහ, කොටි, සර්ප වැනි වේශයන් ගතහැකිව තිබූ බව පැවසෙනවා. සමහර අවස්ථා වලදී ගංÛාවක් හෝ කන්දක් ආකාරයටද වෙස් මාරු කිරීමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි දර්පනයේ ආලේප කරන තෙල් මිශ‍්‍රණය සාදාගෙන තිබෙන්නේ ගෘද‍්‍රජීව්හ, කුම්භිනී සහ කාකජංඝ යන තෙල් වර්ග එකට මිශ‍්‍ර කිරීමෙනුයි.



14. සුරූප * විමානයෙහි ගමන් ගන්නා පුද්ගලයින් සතුටු කිරීම සඳහා ව්මානය තුල සුරූපී කාන්තා රුවක් නිර්මාණය කිරීමේ ක‍්‍රමවේදය මෙනමින් හැඳින්වෙනවා. මෙහිදී යානය තුල නිපදවන එක් විශේෂිත ශක්ති කදම්භයක් පුෂ්පි” පිංජුල දර්පන නම් දර්පනයක් වෙතට එල්ල කිරීමෙන් තමයි මෙම රුව නිර්මාණය කරන්නේ. මෙම දර්පනය පිහිටා තිබී ඇත්තේ විමානයේ ඉදිරිපස දකුණු පැත්තේයි. මට හිතෙන්නේ මේක වර්තමානයේ පවතින යදකදටර්ප නම් තාක්ෂණයට සමාන ක‍්‍රමයක් කියලයි.



15. ජ්‍යෝතීර්භාව * අංශුබෝධිනී නම් ක‍්‍රමයකට අනුව සූර්යයාලෝකය කොටස් 16 කට බෙදා දක්වා තියෙනවා. මෙම කොටස් අතරින් 12 සිට 16 තෙක් ඇති ආලෝක කිරණ නාභිගත කර අහසේ 4 වන වායු මට්ටමේ ඇති මයූඛ නම් ප‍්‍රදේශයට යොමුකර විශේෂ බලශක්තියක් ගොඩනගනවා. මෙයට සමගාමීව 7 වන වායු මට්ටමේ පවතින ආලෝකය ආශ‍්‍රයෙන්ද තවත් බලශක්තියක් ගොඩනගනවා. අනතුරුව මේ ශක්තීන් දෙකම නාල(එමඉැි* 5 ක් හරහා ගුහා ගර්භ දර්පන නම් දර්පනයක් වෙතට යොමු කරනවා. එවිට උදෑසන අරුණාලෝකය බඳු දීප්තිමත් ආලෝකයක් මැවීමට පුළුවන්කම ලැබුණාලූ. මෙවැනි ආලෝකයක් නිපදවීමේ තාක්ෂණය තමයි ජ්‍යෝතීර්භාව නමින් හැඳින්වෙන්නේ.



16. තමෝමය * දිවා කාලය තුලදී අන්ධකාරය මැවීමේ හැකියාව මේ නමින් හැඳින්වෙනවා. මෙය සිදුකර ඇත්තේ විමානයේ වයඹ දෙසින් සවිකර තිබූ ඬතමෝ යන්ත‍්‍රඬ නම් උපකරණයකින්. අන්ධකාරය මැවීම සඳහා අභ්‍යවකාශයේ පැවති අඳුරු ශක්තිය ප‍්‍රයෝජනයට ගත් බව සඳහන් වෙනවා.



17. ප‍්‍රලය * මෙය ඉතාම විනාශකාරී ක‍්‍රමයක් ලෙස සැලකෙනවා. මෙහිදී මුලින්ම යානයේ ඉදිරිපස තිබෙන බටයකින් එකිනෙකට වෙනස් ධූම වර්ග 5 ක් අවශෝෂණය කරගන්නවා. ඉන්පසු මේ ධූම මිශ‍්‍රණය තවත් වෙනස් ධූම වලාවක් සමග ඒකාබද්ධ කර විද්‍යුත් ධාරාවක් ආධාරයෙන් ඉදිරියට තල්ලූ කිරීම මගින් අවට පිහිටි සියළුම දෑ විනාශ කිරීම සඳහා යොදාගෙන තියෙනවා.



18. විමුඛ * මෙයත් ආරක්ෂක උපක‍්‍රමයක්. රෞද‍්‍රී නම් දර්පනයට සම්බන්ධ කර තිබෙන තෙවන නාලය හරහා විෂ සහිත කුඩු වර්ග තුනක මිශ‍්‍රණයක් ප‍්‍රතිවාදී විමානාචාර්යවරුන් වෙත යවා ඔවුන්ව මුළුමනින්ම සිහිමූර්ඡුා කරවීම මෙහිදී සිදුකරනවා. මේ සඳහා භාවිතා කර තිබෙන්නේ කුබේර, විමුඛ සහ විශ්වානර යන විෂ කුඩු වර්ග තුනයි.



19. තාර * මෙය දෘෂ්ඨි මායාවක් මැවීමේ ක‍්‍රමයක්. තාරකා පිරුණු රාත‍්‍රී අහසක් මවා පෑම මෙසේ හැඳින්වෙනවා. මේ සඳහා ශක්ති විශේෂයන් ගොඩක් භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ සූර්ය ශක්තිය, ජලයේ අඩංගු ශක්තිය, වාතයේ අඩංගු ශක්තිය මෙන්ම අභ්‍යවකාශයේ තියෙන අන්තරීක්ෂ කිරණ වල ශක්තිය පවා යොදාගෙන තියෙනවා. අන්තිමේදී මේ සියලූම ශක්තීන් විමානය ඉදිරිපස පිහිටාතිබූ නලයකින් දර්පනයක් වෙත යවා පරාවර්තනය කිරීමෙන් තමයි මේ මායාව පෙනෙන්නට සලස්වලා තියෙන්නේ.



20. මහාශබ්ද විමෝහන * වාතය තුල අඩංගු ශක්තිය විමානය තුල පිහිටි නාල 7 ක් තුලින් යවා අධික ශබ්දයක් ඇතිවීමට සැලැස්වීම මේ නමින් හැඳින්වෙනවා. මෙම ශබ්දය මගින් මිනිසුන්ව තාවකාලිකව සිහිමද තත්වයට පත්කිරීමට පුළුවන්කම තිබුණාලූ.



21. ලංඝන * වායු තත්ව ප‍්‍රකරණයේ සඳහන් පරිදි විමානයක් එක් වායු මට්ටමක සිට තවත් වායු මට්ටමක් වෙත ගමන් කිරීමේදි සූර්යයාලෝකයේ එක් කිරණයක් සමග ගැටීම නිසා ගිනි ගැනීමේ අවදානමකට ලක් වී තිබුණාලූ. වායු ශක්තිය හා විද්‍යුත් ශක්තිය එකිනෙක හා සම්බන්ධ කර විමානයේ මධ්‍යය වෙත යොමු කර ඉහත කී අවදානමෙන් මිදීමේ ක‍්‍රමය ලංඝන නමින් හැඳින්වෙනවා.



22. ශාර්ප ගමන * විමානය සර්පයෙකු ලෙස සිග්*සැග් ආකාරයේ පථයක ගමන් කරවීම මේ නමින් හැඳින්වෙනවා. මේ සඳහා අවශ්‍ය ශක්තිය උපදවාගෙන තියෙන්නේ වායු ශක්තිය, හිරු කිරණ සමග සම්බන්ධ කිරීමෙනුයි.


මීට අමතරව දණ්ඩවක්ත‍්‍ර නම් විශේෂිත ශක්තියක්ද භාවිතා කර තියෙනවා. අපි මේ වන විට විමානාචාර්යවරයෙක් ඉගෙනගත යුතු ශිල්පක‍්‍රම 32 න් 22 ක් පිළිබඳව සාකච්ඡුා කරලා ඉවරයි. ඉතුරු ක‍්‍රම 10 ගැන ඊළග ලිපියෙන් සාකච්ඡුා කරමු. මේ ශිල්පක‍්‍රම 32පිළිබඳව සාකච්ඡුා කළාට පස්සේ එක් එක් වර්ගයේ විමාන ගැන හා ඒවායේ විශේෂ ලක්ෂණ ගැන සාකච්ඡුා කරන්න පටන් ගනිමු.


No comments:

Post a Comment